කෙතරම් අදරැති ද මා ඔබට?
නොකියමි මෘෂා ඔබ වෙත
සයුර කොතරම් ගැඹුරු ද?
අහස කෙතරම් උස් වෙද?
කොපමණ වරක් දිනකට
සිතමි මා ඔබ පිළිබඳ?
පින්න ඉහිරුණු සෙව්වන්දියන්
කොපමණ වේ ද කිව මැන?
ඔබ වෙතට ඒමට
දුරක් කෙතරම් ගෙවමි ද?
මෙතැන සිට තුරකට
ගමනක් දුර ද කොපමණ?
ඉදින් මට ඔබ අහිමි වුවහොත්
කෙතරම් කඳුළු සළමි ද?
සාගරය කොතරම් ගැඹුරු ද?
අඹර කෙතරම් තුඟු වෙද?
-පහත කවියේ අනුවාදයකි.-
* * * * * *
How much do I love you?
I'll tell you no lie
How deep is the ocean?
How high is the sky?
How many times in a day
Do I think of you?
How many roses
are Sprinkled with dew?
How far would I travel
Just to be where you are?
How far is the journey
From here to a star?
And if I ever lost you
How much would I cry?
How deep is the ocean?
How high is the sky?
-Etta James-
අනුවාදය ලස්සනයි..
ReplyDeleteගොඩක් ස්තූතියි දිනේෂ්!
Deleteලස්සනයි
ReplyDeleteතැන්කියු වේවා කුරුටු!
Delete