ඒවැයින් වැඩක් නෑ. මේ කතන්දරේ පැන්සලක් සම්බන්ධ සිදුවීමක් ගැන.
තුන වසරෙදි අපිව සලකන්නෙ ළදරුවන් හැටියට. ඒකනෙ යසට පෑනෙන් ලියන්න පුළුවන්කම තියෙද්දී පැන්සලෙන් ලියන්න බල කරන්නෙ.
සාකියා බොහොම කැමතියි ලිය ලියා ඉන්න ගමන් පැන්සල් කොටෙන් හීනියට ඔළුව කහගන්න. ඇයි? පිට කහගන්නත් පැන්සල් නම් ජාති!
හදිසියෙ ඔළුව බූගාන්න සිද්ධ වුණා නං නිධන් සිතියමක වගේ කඩඉරි, කතිර පාරවල් හොයාගන්නත් ඉඩ තිබුණා.
තුන වසර තමයි සාකියාගෙ ජීවිතේ අඬු කැඩෙන, කාඩ් කුඩු වෙලා, කුඩුත් හොයාගන්න බැරි තරමට විසිරිලා ගිය වසර. මේ වසරේ සාකියට කරන්න තිබුණු අමාරුම වැඩේ තමයි තුන්වරක් සහ හතරවරක් පාඩම් කිරීම.
මොකක්? නෑ නෑ නෑ!!!! තුන් හතර පාරක් පාඩම් කරන්න තරම් යහපත්, ඉගෙනීමට කැපවුණු ළමයෙක් නම් නෙවෙයි මේ සාකියා ඒ කාලේ.
මං මේ කිවුවෙ චක්කරේ ගැන.
තුන්වරක් සහ හතරවරක් තමයි අමාරු ම. ටීචර්ගෙ පස්සෙන් පැන්නිල්ල ඉවසගන්නම බැරිවුණ දවසක ඕක බොහොම අමාරුවෙන් රෑ පාඩම් කරගෙන ගිහින් ඊලඟ දවසෙ පාඩම් දීලා බේරුණා. කරුමෙට එදා මට බොහොම බරපතල විදිහට හෙම්බා උත්සන්න වෙලා තිබුණේ. ටීචර් කතාකරනකොට හචිස් එහෙකුත් ගිහින් දහජරා හොටුවලින් මූණ කවර් වෙලා තිබුණේ.
ගුරු ගෞරවේ වැඩිකමට සාකියා ලේන්සුවෙන් එහෙම්මම නහය කට වහගෙන ගිහින්, ලේන්සුවෙන් කට වහගෙනම චක්කරේ පාඩම් දීලා ආවා.
අයියයියෝ!
මොනවද මං මෙච්චර වෙලා දොඩවලා තියෙන්නෙ?
පැන්සල් කොටයක් ගැන කතාවක් අහන්න ආපු උදවිය දැන් ඔල්මොරොන්දන් වෙලා ඇති.
හරි ඉතින් චක්කරේ පාඩම් කොළා. ඊළඟට පැමිණියේ දෙවන වාර විභාගය. ඒ දවස් වල ඉතින් ඔය විභාග චුවින්ගම් වගේ දිගට දිගට සතියක් හමාරක් ඇදිලා යනවනෙ.
ඉතින් ඔය විභාග සතිය මැද එක්තරා අන්ධකාර දවසක සාකියා බොහොම උනන්දුවෙන් විභාගය ලියමින් සිටියා.
උනන්දුව වැඩිකමට පැන්සල් කොටෙන් ඔළුවත් කැහුවේ මොලේ ඇතුලෙ හිරවෙලා තියෙන ඒවා නහයින් කටින්වත් ඇවිත් මේ හොල්මන් ප්‍රස්න වලට උත්තර සපයන්න උදවුවක් වෙයි කියලා හිතාගනයි.
ඉතින් ප්‍රස්න පත්තරේ දිගෑරගෙන සාකියා උත්තර ලිවුවා.
ටික වෙලාවක් ගතවුණා.
ඔන්න දෙයියනේ මේ දැන් අගේට ලිය ලියා හිටිය පැන්සල් කොටේ අන්තරස්දාන් වෙලා!
දැන් කොහොමෙයි උත්තර ලියන්නෙ? තිබ්බෙත් ඒ පැන්සල් බට්ටා විතරමනෙ.
තමුන් වාඩිවෙලා ඉන්න මේසෙ වටේට ඉන්වෙස්ටිගේසොං එක අසාර්ථකව අහවර වුණායින් පස්සෙ සාකියා තීරණය කළා මේක හරියන්නෙ නැති බව
නැගිට්ටා පුටුවෙන් විභාගෙ මැද්දෙම.
එකින් එක මේසෙට ගිහින් පැන්සලක් හිඟාකමින් පන්තිය වටේටම ඇවිද්දා, විභාගෙ මැද්දෙම.
එකෙක්වත් මට පැනසලක් දන් දෙන්න කැමති වුණේ නැහැ. ඔහොම ගිහින් ගිහින් එක ළමයෙක් ගාවට ආවා.
බොහොම අසරණ ව බලලා "මගෙ පැන්සල නැතිවුණා, ඔයා ගාව වැඩිපුර පැන්සලක් තියෙනවද?" ඇහුවා.
ළමයා ටිකක් වෙලා මගෙ මූණ දිහා බලන් හිටියා.
"ඔය ඔයාගෙ ඔළුවෙ තියෙන්නෙ."
මොකක්!!!
සාකියා වහාම අත්දෙකෙන්ම ඔළුව අල්ලාගත්තා.
ඇත්ත නේන්නම්! මේ තියෙන්නෙ පැන්සල ඔලුවෙ.
සාකියා අතේ තිබ්බ පැන්සලෙන් ඔළුව කහ කහ ඉඳලා අර ලී වඩුවෙක් වගේ ඒක එහෙම්ම ම කන පිටිපස්සෙ ගහගෙන, පැන්සල නැහැයි කියමින් පන්තිය වටේට ගිහින් තියෙන්නෙ.
ආ! අමතක වුණා නෙ.
අර අපේ ටීචර්ලා කණ්ණාඩි දෙක ඔලුවට දාගෙන රට වටේ හොයනවා වගේ නේද?????
ReplyDeleteඔව්. ඇයි අපේ ටීචර් කෙනෙක් වයිට්බෝර්ඩ් ඉරේසරේ කියලා වැරදිලා කණ්ණාඩි කේස් එකෙන් වයිට්බෝර්ඩ් එක පිහිදුවා නොවැ දවසක්.
Deleteහෙහ් හෙහ්, ඔය වගේ මීටර් අවුට් වෙන වෙලාවල් ඉතින් අපිටත් වෙනවනේ.
ReplyDeleteහෙක් හෙක් හෙක් ඇත්ත තමා.
Deleteමේක නං සිරා ම සිරා මීටර් අවුලක් හැක්
ReplyDeleteසුභ නත්තලක් මචං
මොනවා කරන්නද උපන් හැටි තමයි ඉතින්. එසේම වේවා මචං!
Deleteටික දවසකින් මේ පැත්තෙ එන්න බැරි උනා... නංගිල දෙන්න දාලනෙ පොස්ට් තොගයක්ම.........
ReplyDeleteඑහෙනං හෙමින් සීරුවෙ එකින් එක කියෝගෙන යන්නකො........
Deleteදෙයියෝ සාක්කි සකී. නියම ලිවිල්ල. ටිකක් අර නුවර කුමාරිගෙ ලිවිල්ලට නෑකං කියනව. ලියාගන්න මෙව්ව මතක තිවිච්චි එකම මදෑ. ආයි එඥ්ඥං.
ReplyDeleteමතක හිටින්නෙ ඉතින් වෙන්නෙම ඔහොම දේවල් නිසා නොවැ. මාත් කියෝලා තියෙනවා නුවර කුමාරිගෙ බ්ලොග.
Deleteඈහ්! මේ ශ්‍රංග නේද? සාදරයෙන් පිළිගන්නවා දෙපන්හිඳ පැත්තට! හොඳා හොඳා ආයි එඤ්ඤකෝ.
අයියෝ සල්ලි මාල වැඩක්නේ වෙලා තියෙන්නේ...
ReplyDeleteමාල වැඩක් නෙවෙයි ලලිත් පැන්සල් වැඩක්! හි හි හි
Deleteසාදරයෙන් පිළිගන්නවා දෙපන්හිඳට!!!