Tuesday, January 5, 2016

අලුත් නැවෙන් ගොඩබෑම

ඔන්න ඉතින් හර්‍රියටම අවුරුද්දක් බලන් ඉඳල ඉඳලා සාකියත් ගියාලු විස්ස විද්දියාලෙට. ඔව් අර ජපන් ජබර පිරිච්ච ලේක් එකක් ගාව තියන යන්තර මන්තර වැඩ කොරන එකට තමයි.

සාකියා ගියේ නං යන්තල මන්තල කලන්න නෙවෙයි. තොලතුලු තාක්සලය කළමලාකලණය කලන්න. තැහ් තැහ් තැහ්.

මගෙ දිව ඇඹරිලා ගියා බලන්ඩ පොඩ්ඩක්.

අහම් අහම්!

ඉතින් ගියා.
එතන කෙල්ලො කොල්ලො සෙට් එකයි. ඔගොල්ලන්ත කියන්න මීට මාසෙකට කලිනුත් මම ගියා ලියාපදිංචි වෙන්න. ඒත් වැඩේ කියන්නෙ එදා හම්බුණු එකෙක්වත් මම අද දෑහට දැක්කෙ නෑ නෙව.

රෝල් එහෙකුයි, සීනි සම්බෝල බනිසක් සහ කිරි පැකට් එකකින් සප්පායම් වෙලා පැය තුනක් පුරාවට දේසන හයකට සවන් දීගන හිටියා. සාකියගෙ වෙලාවට ඒවා එකක්වත් ඈනුම් යන දේසන වුණේ නැහැ.

අලුත් නැවේ ළමයින්ගෙ අම්මලා සහ තාත්තලා එහෙම හිටපු නිසා සීනියර් අයියලා සහ අක්කලා නිකන් ඇස් ඇරුන්නැති පූස් පැටවු හැටියටයි මේ සාකියට නම් පෙනුණෙ. ඒත් ඉතින් විස්ස විද්දියාලෙ මැද්දෑවෙන් දෙන්නා දෙන්නා පෝළිම් ගස්සල බාලාංශ පන්තියෙ පිළවු පැටවු වගේ දක්කගෙන යනකොට ලස්සන ලස්සන වදන් වැල් කන ගාවින් පාවෙලා යනවා සාකියට දැනුණා.

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි අනුගත කිරීමේ වැඩසටහනකට අපි සහභාගී වෙන්න ඕනෙ.

මේහ්, ලස්සනම වැඩේ කියන්නෙ ඒක නෙවෙයි. සාකියා නිකන් බැච් ෆිට් එකට කොල්ලෙක් එක්ක හිනාපාරක් දැම්ම නෙව. ඒ මනුස්පැටියා නිකන් සයිබීරියාවට පැරෂුට් වලින් බෝම්බ දානවා වගේ බිරාන්ත වෙලා සැලී ගියා නෙ.

අනේ ඉතින් කියන්න කටට වචන ගලාගෙන එනවා . . .

අම්මේහ් යන්තම් පෝස්ට් එකක් දාගන්න මාතෘකාවක් ලැබුණා සාකියට.

ආහ් මේ පහළ තියෙන්නෙ සීනියර් සහෝදර සහෝදරියො අහිංසක අපි වෙනුවෙන් හදලා තෑගි කරපු ලස්සන නිර්මාණයක්.


එහෙනං නැවත හමුවෙමු!

8 comments:

  1. සාකියා නිකන් බැච් ෆිට් එකට කොල්ලෙක් එක්ක හිනාපාරක් දැම්ම නෙව. ඒ මනුස්පැටියා නිකන් සයිබීරියාවට පැරෂුට් වලින් බෝම්බ දානවා වගේ බිරාන්ත වෙලා සැලී ගියා නෙ.////

    සෝචනීයයි... අනුගත කිරීම නං ලෙසටම තියෙයි හැක් හැක්... රාජකීව යිදියටම හිහි
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මොනව කරන්නද මහේෂ් දෛවය තමයි. ඉහි.

      Delete
  2. මීට පස්සේ එහෙනම් හිනා වෙන්න යන්න එපා. හෙහ්

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අපි එහෙම එක පාරක් පරාජය වුණාට සැලෙන්නෙ නෑ!

      Delete
  3. ලස්සනට ලියලා.

    ReplyDelete