Tuesday, January 26, 2016

මහපාරක් මැද වුණත්

 
මට ඕනෙ
ගිටාරයක තතක් වෙන්න,

රළුවන් ඔබේ අතැඟිලි
තත් සුසර කරනට තරම්
සුසිනිඳු වෙනකොට.

මට ඕනෙ
ඈතින් ඉඳන්
ඔහේ බලාගෙන ඉන්න,
අඳුරු දෑසින් ඔබ දොස් පවරන විටත්
 
කෙහෙරැලි දෙක තුනක්
නළල දෙපසින් එබිකම් කරන දෙස.

මට ඕනෙ
වේදිකාවක මයික්‍රෆෝනයක් වෙන්න.

සතියකට වරක්
කෑම පැයට කලින්,
ගර්ජනය කරන ගොරහැඩි හඬින්,
සභාවක් නිසල කරවන තරම් මිහිරියට
ගීයක් ගයනකොට.

ඒ ඔක්කොටම වඩා
මට ඕනෙ,
ලවුඩ් ස්පීකරයක් වෙන්න
 
මහපාරක් මැද,
විප්ලවයක වුණත්
ඔබව අත්නොහරින්න.


12 comments:

  1. පින්තුරෙ බය හිතෙන එකක්

    ReplyDelete
  2. පට්ටයි..
    වල්ල පට්ට කිලෝවයි

    ගිටාර් ගහන උන්දැලගෙ ඇගිලි තුඩු නං සියුමැලි නෑ.. හැක්

    ReplyDelete
    Replies
    1. ස්තූති වේවා!
      ෂික්! වස ලැජ්ජාවයි! නෑ ඉතින් "සුසිනිඳු" කියන එක අපි "සියුම්" කියලා හිතාගම්මුකෝ. . .

      Delete
    2. මයියා මොකෝ මේ කොහෙවත් නැති වල්ලා පට්ට කතාවක් ඇදලා අරගෙන..
      නානසාර වගේ

      Delete
  3. ඔන්න සාකියෝ මාත් මේ පැත්තට ගොඩ වුණා. පලවෙනි වතාවට. පින්තූරය දැක්කම මං හිතුවේ මගේ වගේ එකක් කියලා.
    කයියෙන් කයිය මට අමතක වුණානේ..ඉස්සර වෙලා තේ ඩිංගක් වක්කොරහන්කෝ...
    මොනවා උනත් අකුරු කෙරුවාවනම් සුපුරි ඈ..

    ReplyDelete
    Replies
    1. අකුරු වලටත් පිස්සු බන්
      සුපුරි=සුපිරි

      Delete
    2. ඔන්න ඔය පුටු කබල ඇදලා අරන් වාඩිවුණා නං. . . මෙන්න තේ එක.
      ඈහ් පින්තූරෙ හොල්මනක් වගේ ද පේන්නෙ? ඉහි.
      තැන්කියු වේවා මයියා! දෙපන්හිඳට සාදරෙන් පිළිගන්නවා!
      දැන් ඉතින් නිවීහැනහිල්ලෙ තේ එක බොන්ට.

      Delete
  4. සෑහෙන්න ප්‍රභල බලාපොරොත්තුවක් නේ.

    ReplyDelete
    Replies
    1. හි හි හික්. එහෙම තමයි බොලන්!

      Delete