නන්නත්තාරේ ඇවිදින අතරේ
කඳු තැනි ඉහළින් වළාකුලක් සේ
එකවර දුටුවෙමි මම් මහ සෙනඟක්
රන් පැහයෙන් දුල් ඩැෆඩිල් යායක්
ගං ඉම පසෙකින්, වට තුරු සෙවනින්
මඳ පවනට තාලයක ට නටමින්
අහස් ගඟේ දිදුලන රන් තරු සේ
ඉමක් කොනක් නොපෙනෙන ලෙසිනේ
දුරින් දුර ට විහිදුණු යායක් විය
ගං මායිම හැඩ කර පැතිරී
සැනෙකින් දුටුවෙමි සිය දස් ගණනින්
කඩිසර රැඟුමින් හිස සලමින්
වන්නම් නටන ට තැනු මුත් උන් හා
ගං දිය රැලි පසුබසින ට වූ කල
තුටු වන්නට මිස කවියෙකු හට වෙන
කුමක් කරන්න ද කෙළි ලොල් ඇසුරක?
මනරම් දසුනින් කුල්මත් වී හද
නැරැඹූයෙමි ඉසුරක් බව නොදැන ම
නිරතුරු සිටිනා විට සයනය මත
පාළුවකින් හද බරවුණු මොහොතක
මසැසෙහි සැනෙකින් මැවේවි නිබඳ ව
සුළඟට නටනා ඩැෆඩිල් මල් මට
රඟනට වූ කල රන් මල් හා සිත
තනිකම පෙරැළේ යළි ප්‍රීතිය වෙත
විලියම් වර්ඩ්ස්වර්ත් කවියා විසින් රචිත "The Daffodils" කියන ඉංග්‍රීසි කවිය තමයි "සුළඟට රඟනා - රන් මල් යායක්" නමින් මම අනුවාදනයක් කරන්න හිතුවේ. පහළින් පළ කලේ ඒ මුල් කවිය. කියවලා රසවිඳින්න.
* * * * * * * * * * * * * *
The Daffodils
I wandered lonely as a cloud
That floats on high o’er vales and hills,
When all at once I saw a crowd,
A host, of golden daffodils;
Beside the lake, beneath the trees,
Fluttering and dancing in the breeze.
Continuous as the stars that shine
And twinkle on the Milky Way,
They stretched in never-ending line
Along the margin of a bay:
Ten thousand saw I at a glance,
Tossing their heads in sprightly dance.
The waves beside them danced, but they
Out-did the sparkling waves in glee:
A Poet could not but be gay,
In such a jocund company:
I gazed—and gazed—but little thought
What wealth the show to me had brought:
For oft, when on my couch I lie
In vacant or in pensive mood,
They flash upon that inward eye
Which is the bliss of solitude;
And then my heart with pleasure fills,
And dances with the daffodils.