පිළිකන්නේ තාප්ප ගැටියට හේත්තු වී මම අහස දෙස බලා සිටිමි. සැඳෑ හිරු මනරම් රත්‍රන් පැහැයක් මුළු අහස් තලය පුරා තවරමින් සිටියි. ඒ පැහැය පසුබිම් කරගනිමින් සැරිසරන සරුංගල් රාශිය දෙස මම බලාසිටිමි. කොළ, කහ, රෝස, නිල් පැහැ සරුංගල් විටෙක කරනම් ගසමින්, විටෙක අසලින් පාවී එන වළාකුලක ගෑවී නොගෑවී, විටෙක හමා එන මඳ පවනත් සමඟ තාලයකට නැලැවෙමින් අහස සිසාරා විවිධාකාර වූ රංගනයන්හි නිරත වෙයි. ඒ අතරින් දඟර ගැසෙමින් අතරින් පතර දුව පනින අඳුරු පැහැ නාගයෙකු වන් සරුංගලයක් ද මට පෙනෙයි.
ඒ සියල්ලට ඉහලින් ලයාන්විත අයුරකින් පාවෙමින් සිටින එක් සරුංගලයක් අන් සියල්ල පරදා මගේ නෙත් මෙන් ම සිත ද පැහැරගෙන ඇත.
එය සියලු පැහැයන් එක් ව සදන ලද දේදුන්නක් වැනි විචිත්‍රවත් සරුංගලයකි.
සියලු වර්ණ එකට කැටිව, බැඳී එක වර්ණයක් නිර්මාණය කලාක් මෙන් දිස් වන ඒ සරුංගලයේ එල්ලී මම කාල තරණය කළෙමි.

* * * * * * * *
"ඔය දෙන්නා ඔහොම ඉන්න, මම ගිහින් සල්ලි අරන් එනකං." සඳූ අක්කා එසේ කියා කඩය අසලින් ඈත් මෑත් වන්නට සැරසුණි.
"එපා එපා! අම්මලා කිවුවා දුර යන්න එපා කියලා. අපි මේකෙන් සරුංගලේ අරන් යමු."
යන්තම් අවුරුදු පහක් පමණ වූ මා ඈ වලක්වමින් කීවේ සියුම් බියකිනි.
"ඒව කැතයි මෝඩියේ!"
ඒ භානු අයියා ය. මුන් දෙන්නා අහිංසක මා කියූ දෙය කනකට ගන්නා පාටක් නොපෙනිණි.
කුමක් කරන්නට ද? භානු අයියා සමඟ මා කඩ පිලට වී සඳූ අක්කා එනතුරු පාරේ එහා මෙහා යන වාහන ගණන් කළෙමි.
"එකා. . .යි දෙකා. . .යි තුනා. . .යි හතර- අන්න සඳූ අක්ක එනෝ!"
මම ගණන් කිරීම පසෙක තබා පාරට පනින්න තැනුවෙමි.
"මෝඩියෙ!"
භානු අයියා මට ටොක්කක් ඇන සඳූ අක්කා පාර පනින තුරු මගේ කනෙන් අල්ලාගෙන සිටියේය.
"රුපියල් විසිදෙකක් ගත්තා. ඇතිවෙයි නේ?"
සඳූ අක්ක ඇසුවාය.
"ඔව් ඔව්. ඇතිවෙයි..."
මම හිස වනා පිළිතුරු දුන්නෙමි. ඉන්පසු මට වඩා අඩියක් පමණ උස් ඔවුන් දෙස හිස කරකවා බැලීමි. කිසිවෙකුට මා කියූ දෙය ඇසුණු බවක් නොපෙනිණි.
"ඇතිවෙයි මං හිතන්නෙ. මදි වුණොත් ආයේ ගිහින් ගමු."
භානු අයියා කියමින් සිටියි. සඳූ අක්කා ද එයට එකඟ වෙයි.
"මාව ගනන් ගන්නෙ නෑ!!!"
මම කෑගසා කීවෙමි.
"හා හා චූටි දූ අපි ඔයාට ඉතුරු සල්ලි වලින් ටොෆි අරන් දෙන්නං."
ඉන්පසු ඔවුන් මගේ අත් දෙකෙන් අල්ලා මා මැදි කරගෙන මහ මිනිසුන් මෙන් බිය සැක නැතිව පාර දිගේ ඇවිද යන්නට විය.
කිලෝමීටර භාගයක් පමණ දුරින් පිහිටි කඩයකින් අප සරුංගලයක් මිල දී ගත්තෙමු. එය තොරාගත්තේ මා ය. විවිධ වර්ණ රාශියක් එකට එක් කර සැදුණු එය එහි තිබූ අන් සියලු සරුංගල පරදා මා සිත් ගත්තේය.
"දෙදුන්නක් වගෙයි."
අපි තිදෙනා ම ඒ දෙස බලා සිටියෙමු. මඟදිගට එය වර්ණනා කරමින් ද යන එන්නවුන් හට පෙනෙන සේ එහාටත් මෙහාටත් වනමින් ද ආපසු නිවසට පැමිණියෙමු.
නඩයේ ඉතිරි පස්දෙනා අප එනතුරු මඟ බලමින් ගේට්ටුව අසල රවුම් ගසමින් සිටියහ.
"හහ්. . . ඇයි මෙච්චර පරක්කු වුනේ? කොච්චර වෙලා බලන් හිටියද. . ."
අමා අක්කා අපි තිදෙනාටම හොඳ හැටි ඔරවා ඊටපසු මා අත තිබූ සරුංගලයේ හැඩ බලන්නට විය.

"ෂා ලස්සනයි!"
අමා අක්කාගේ මුහුණේ සිනහවක් පැතිරිණි.
"දේදුන්නක්! දේදුන්නක්!"
කුඩා චානි හා විරිඳු සරුංගලය අල්ලන්නට උඩපැන්නහ.
"අල්ලන්න එපා ඕක ඉරෙයි!"
චමිඳු අයියා කුඩාවුන්ට තරවටු කළේය.
එතෙක් වේලා නිශ්ශබ්දව සිටි කේෂණ අයියා "යමු දැ"යි ඇසුවේය. අපි කන්ද උඩහට් ගොස් එතැනින් නැවත පහළට බැස වෙල් යායට ගොස් දේදුණු වර්ණ සරුංගලය මුදා හැරියෙමු. එය පිනුම් ගසමින්, උඩ පනිමින් ගොස් අවසානයේ තඹ පැහැ සැඳෑ අහසේ ඉහළට ම නැඟ අවට පාවෙමින් සිටි අන් සියලු සරුංගල් පරදවා රජ වනු අප බලා සිටියෙමු. අවට සරුංගල් හරිමින් සිටි ළමුන් අපේ දේදුන්න දෙස නෙත් දල්වා බලා සිටිනු මා නෙත් කොණින් දුටුවෙමි.
"දේදුන්න පායලා."
මම සිනහ වුණෙමි.
දේදුන්නේ වල්ගයේ එල්ලී අප ඈතට පාවී ගියෙමු. වළාකුළු පසු කර කඳු වැටි වලට ඉහලින් අපි ගමන් කළෙමු. නමුත් ඇඟ හීගඩු නංවන හීතලක් සමඟ පැමිණි සැඩ කුණාටුවකට හසු වූ දේදුන්න කැඩී බිඳී දියවී ගියේය.
වල්ගයේ එල්ලී සිටි අප වීසි වී ගොස් මහපොළොවේ තැන් තැන් වල බිම පතිත වූයෙමු.

දීර්ඝ කාලයකට පසු මා ඔවුන් ඇමතුවේ සුහද පිළිසඳරකට එක්වීමටයි.
"වැඩ වැඩ නංගි වැඩ"
"ආපෝ. . . ඒකා එනව නං මට එන්න බෑ. තරහ වෙන්න එපා."
"පුළුවන් වෙයි ද දන්නෙ නෑ."
"එන්නම්. ඒක නෙවෙයි දැන් අර අයියා හෝම් එකේ හොඳින් ඉන්නව ද? ඔළුවෙ අමාරුව හොඳයි ද?"
"වැඩ වැඩ නංගි වැඩ"
"ආපෝ. . . ඒකා එනව නං මට එන්න බෑ. තරහ වෙන්න එපා."
"පුළුවන් වෙයි ද දන්නෙ නෑ."
"එන්නම්. ඒක නෙවෙයි දැන් අර අයියා හෝම් එකේ හොඳින් ඉන්නව ද? ඔළුවෙ අමාරුව හොඳයි ද?"
* * * * * * * *
රත්‍රන් පැහැ අහසට කෙමෙන් දම් ගෙඩියක පැහැය කාන්දු වෙයි. මම අවසන් වරට දේදුනු සරුංගලය දෙස බැලීමි.
නූල කැඩුණු දේදුන්න ඈතට පාවී යයි.
එහි වල්ගයේ එල්ලුණු ළමුන් රංචුවක් ඒ ත් සමඟ ම ඇදී යනු මා යාන්තමට දුටුවෙමි.
නූල කැඩුණු දේදුන්න ඈතට පාවී යයි.
එහි වල්ගයේ එල්ලුණු ළමුන් රංචුවක් ඒ ත් සමඟ ම ඇදී යනු මා යාන්තමට දුටුවෙමි.
කාලය මැව් වෙනසක අරුමේ නෙහ් සාකියො
ReplyDeleteජීවිතේ ඔහොමයි බං. වෙනස් වෙනව ඒක නවතින්නෙ නෑ. අපි හිනාවුණත් අපිට ඔරවනව.
ජයවේවා
කාලයත් එක්ක ඔහේ ඇදිලා යනකොට මඟහැරෙන දේවල් සරුංගලයක් වගේ සංඥා වලින් එකපාරට දැනෙන්න ගන්නකොට දරාගන්න අමාරුයි.
Deleteබොහොම ස්තූතියි මහේෂ්!
සුන්දරයි............. මේ වචන අපිව අතීතයකට ගෙනියනවා.... ඒ සුන්දර මතක අතර මොහොතකට අතරමං කරනවා... හරිම සුන්දරයි සාකියාේ........
ReplyDeleteබොහොම ස්තූතියි කුරුටු! ළමා කාලය හරිම සුන්දරයි තමයි. කුහක කම් අමනාප කම් ළමා හිත් වල නෑනේ. . .
Deleteහ්ම්.........
ReplyDeleteඔන්න ආයෙමත්. . . මොකදෑ මේ හුම් හුම් ගාන්නේ?
Delete