Wednesday, August 12, 2015

විවෘතයි!!!


අපේ ගෙදර ඉන්නවනේ හාදයෙක් ගොන්පීතර කියලා. ඉතින් පහුගිය දවසක ඔය හාදයා කෙඳිරි ගගා ඉඳලා බැරිම තැන ඉහින් කනින් පොරවලා ඉස්පිටිතාලේ ගිහින් නතර කළා. ඕන්න අද ගෙදර එක්කන් ආපු හැටියෙම හුස්මක් ගන්නවත් ඉඩක් නොදී පෝස්ටුවක් කොටාගෙන කොටාගෙන ගියා.

ඔන්න දැන් හරි නේ? වැරැද්ද මගේ නෙවෙයි. ගොන්පීතරේගෙ ම තමයි.

හනේ අප්පච්චියේ! බැලින්නං මාසෙකින් අකුරක්වත් ලියලා නෑ නෙව. ලේසි නෑ.

ඕක තමයි සමහරු "දෙපන්හිඳ ලිවිල්ල නැවැත්තුව ද?" අහලා පණිවුඩ එවලා තිබුණේ. එහෙම හොයලා බැලුවට පිං හොඳේ.
කිවුවට මොකද පෝස්ටුවක් දාගන්න බැරුව සාකියාටත් නිකන් පාළුයි පාළුයි වගේ.

සාකියාගෙ ගොන්පීතරයා ලෙඩ වුණ අතරෙම අනේමන්දාටත් හරියට කරදර මේ දවස් වල. අනේමන්දාගෙ තාත්තා හදිසි අනතුරකට මුහුණ දුන්නා නේ. ඉතින් පෝස්ටු දාන එක අතපහු වුණාට සමාව භාජනේකට දාන්ඩ බැරි නං බෝතලේකට, කුප්පියකට, පොල්කට්ටකට හරි කමක් නෑ දාගන්නවා හොඳයි.

කොටාගෙන කොටාගෙන ගියා කිවුවට මොකද ලියන්න පටන්ගත්ත වෙලාවට මේක දාගන්න බැරි වුණා නේ. මොනවා කරන්න ද. . .

හෙට අලුතින් ම පෝස්ටුවක් දාන පොරොන්දුව පිට සාකියා දැන් නිදිමරගාතෙ පිටවෙලා යනවා.

සුබ රැයක්!

6 comments:

  1. හෙට බලනවා.... නැති වුණොත් බලාගමු හරිය...????

    ReplyDelete
    Replies
    1. හරිය හරිය. බලාගන්න වෙන්නෙ නෑ හරිය. දැනට ම පෝස්ටුව දාලා ඉවරයි.

      Delete
  2. අපේ නංගිල ආයිත් වැඩ පටා...න්ගෙන නෙ

    ReplyDelete
    Replies
    1. හෑ බැලින්නං පැණිකු කියන්නේ පූස් තඩියෙකුට ද?

      Delete
  3. හෙහ් හෙහ්, ඔය ඔක්කොම හොදට තිබිලත් මම මාස දෙකක්ම ලිවුවේ නෑනේ..

    ReplyDelete
    Replies
    1. අන්න දැක්කද! බලන්න අපි ඊට වඩා කොච්චර හොඳ ද. . . දිනේශ්ගෙ ක්‍රියා කලාපය කිසිසේත් ම අනුමත කරන්න බෑ! හෙලා දකිනවා!!!

      Delete