Friday, January 29, 2016

මචං. . .


ඇයි මචං උඹ මට මචං කියන්නෙ?

කරට අතක් දාගෙන
සැහැල්ලුවෙන් හිනාවෙන
උඹේ මූණ
කවද්ද මචං මගෙ දිහා
ආදරෙන් බලන්නෙ?

මචං,
මේ අන්තිම වෙනකං
මං හිතුවා උඹ මට
කවදහරි කියයි කියලා
"රත්තරං"!

ඒත් මචං ඒක බොළඳ වැඩියි. . .

කියපං අඩු තරමෙ
"කෙල්ලෙ" කියලාවත්.

දිග කොණ්ඩයක්,
සුකුරුත්තං නැතිවුණාට
මමත් කෙල්ලෙක් මචං

අනේ මචං යන්න කලින් එකපාරක්
කියපන්. . . .

කියපං මචං
"මචං" නැතුව
වෙන ඕනෙ එකක්.

15 comments:

  1. ඔය මචන් සීන් එක නං හුගක් වෙලාවට වෙනවා,එහෙම නොවී සදාකල් මචන් ෆිට් එකේ ඉන්න අයත් සැහෙන්න ඉන්නව.
    ඔකේ අනිත් පාර්ශවයට වෙච්ච දෙයක් මාත් ලියල ඇති
    http://gimmigekolama.blogspot.com/2016/01/blog-post_19.html

    ReplyDelete
    Replies
    1. ගිම්මිගෙ පෝස්ටුව සාකියා කියෙව්වා. ඒක නියමයි, හිතට වදිනවා. මං හිතන්නෙ සාකියට එකපාරටම ඔය මචං කේස් එකක් හිතෙන්න ගිම්මිගෙ පෝස්ට් එකත් බලපාන්න ඇති!

      Delete
  2. මචං .................. මමත් හිටපු ගමන් තාම මචං කියනවා.... කියනවා නෙමෙයි කියවෙනවා.......

    ReplyDelete
    Replies
    1. මචන් කියන්නේ හොද වචනයක්නේ මචන්

      Delete
    2. හික් හික්. . .කාටද? කුරුටුගෙ ගෑල්ලමයටද?

      Delete
  3. නියමයි මචන්.
    ජය වේවා!

    ReplyDelete
  4. ඔය මචං කෑල්ල තමා මටත හෙනහුරාට හිටල තියෙන්නෙ
    මේ වර්තමනාන සිටුවේසං එක අනුව මචං

    ReplyDelete
    Replies
    1. හයියූ මචං පුළුවං ඉකමනට පිළියමක් යොදන්න!

      Delete
  5. මටත් බොහෝම හිතවත් මචං කෙනෙක් ඉන්නවා. ඔය ටික මට හිතුනට මාත් කියා ගන්න බැරුව ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔන්නොහේ කියලා දාන්ඩ මචං

      Delete
  6. සිරාවට මටත් පරහට හිටල තියෙන්නේ ඔය මචං කැල්ලමනේ හිටං,

    ReplyDelete
    Replies
    1. ආහ් රස්ති!
      මේක නං විසඳුමක් හොයන්නම ඕන ගැටළුවක් මචං.
      දෙපන්හිඳට සාදරයෙන් පිළිගන්නවා!

      Delete
  7. සාකියා... මේක නම් බොක්කෙනුත් එහාට වැදුනා.... ඔහොම මචන් ෆිට් එකක් මටත් තිබ්බා, දැනුත් තියනවා, වෙන පාරකට හරවන්න ගිහිල්ලත් එහෙම නොවී ආයෙත් මචන් පාරෙම යන එකක්. හැමදාම මචන් ම තමා.... මචන් නැත්තන් අඩෝ

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ අපි ඔය මචංලාට මුල ඉඳන් දෙන හිතවත් හැඟීම ඒ අය සදහටම යාළු ෆිට් එකක් හැටියට තියාගන්නවා වෙන්නැති.
      මොනව කරන්ඩද මචං, ජීවිතේ හැටි ඔහොම තමයි.
      තාරාව දෙපන්න්හිඳට සාදරයෙන් පිළිගන්නවා!

      Delete