අදත් මං මෙ කියන්නට අර අදින්නෙ සාකියා පොඩි එකා කාලේ සිද්ධ වෙච්චි සන්තෑසියක් ගැනයි.
ඇත්තටම සාකියා පොඩි කාලේ වෙච්ච හැමදෙයක්ම වගේ අණ්ඩබජල් කේස් වුණාට මේක ඒ සියල්ලට ම වඩා නෝණ්ඩි ටයිප් එකක් වීම විශේෂත්වයකි.
හොඳයි එහෙම නම් අහගන්න.
එතකොට මට අවුරුදු දහයක් විතර.
මොකද්ද? . . . . ඔව් ඔව් අර සිස්සත්තෙ ලියන අවුරුද්දෙ තමයි.
ඉතින් ඒ දවස් වල උදෑසන හතරකුත් ගානට ආරම්භ වී එම යාමයේ ම හයකුත් ගානකට අවසන් වෙන යමර යුද්ධයක් හැමදාම (සෙනසුරාදා සහ ඉරිදා දිනවල හැර) සාකියාගේ ගෙදර නොවරදවා, නොමිලයේ රඟදැක්වෙනවා.
අපරාදෙ . . . ඒ කාලෙ ආවා නං බලාගන්ට තිබුණා.
ඉතින් ඔය කියන වයසෙදි සාකියාට උදේ නැගිටින්නෙ කීයට, ද ගෙදරින් එලියට බහින්නෙ කීයටද කියලාවත් හරිහමන් අවබෝධයක් තිබුණෙ නැහැ. නැගිට්ටන වෙලාවට නැගිටලා අඩවන් දෑසින් දතකට මැද්ගෙන, උගුරට ම ඔබන බත් කටවල් දෙකතුනක් විතර ගිලදාලා, වැනි වැනී හන්දියෙ නවත්තං හෝන් ගහන වෑන් එකට නැඟලා බැණුම් අහ අහා ඉස්කෝලෙට ඇදිලා යනවා.
ඔහොම ගිහින් ගිහින් එක දවසක් ආවා අර අවුරුදු දෙක තුනකට සැරයක් එන නරක දේවල් ම විතරක් වෙන දවසක්.
එදා උදේ නැඟිටිනකොට මොකක් හරි හේතුවක් නිසා සාකියාට ඇහැ ඇරගන්න බැරි තරම් නිදිමතයි.
සාකියාගෙ ගෙදර නානකාමරයට අල්ලපු කාමරයේ ඇඳක් තියෙනවා. ඉතින් වැනි වැනී නිදිමරගාතෙ නානකාමරයට යන කෙනෙකුට ඇඳක් දැක්කොත් මොකද්ද වෙන්නෙ කියලා හිතාගන්න පුළුවනි නේ? විශේෂයෙන් ලේසියෙන් ම කරදර වල පැටලෙන මං වගේ උතුම් දරුවෙකුට?
සාකියා හිතුවා නිදිමත පහවෙනකං විනාඩි පහක් අර ඇඳේ ඇලවිලා ඉන්නවා කියලා. ඕන්න මං අද කිවුවා කියලා හිතාගන්න, කවදාවත් . . . ඔව්, කවමදාකවත් වැදගත් රාජකාරියකට යන අතරමඟ ඇඳක් පේන්ඩ තියන්න නං එපා.
නින්දේ හිටපු සාකියා හරි අපූරු හීනයක් දැක්කා.
ලා ඉරු එළිය මැදින් පිනි බිංදු බිංදු වැටිලා කොළ පාටට බැබළෙන වෙල්යායක නියරක් දිගේ උඩ පනිමින්, නටමින් දුව දුව, කෑගගහා මම සින්දුවක් කියමින් උන්නා.
(තාලයට ගායනා කරන්න)
"මංගෝ. . . කළු නැන්දේ - මොකදෑ . . . මේ පැත්තේ,
සැන්දෑ . . . යාමෙ බලා . . .
ගෙදරින්! - පැන ගත්තේ
පීප් පීප් පීප්!!!!
ඒ මොකද්ද ඒ සද්දේ?"
හුටා!!!!....... අරෙහෙ වෑන් එක හෝං ගහනොවා!
විනාසා . . .යි! මොනවද මම මේ කරගත්තේ.
කොරන්නට දෙයක් නැතුවා. මම විනාඩි දහයෙන් ලෑස්ති වුණේ කොහොමද කියලා තාමත් හරිහැටි මතකයක් නෑ.
කොහොමින් කොහොමින් හරි වෑන් එකටත් නැඟලා, බැනුම් වරුසාවකත් තෙමි තෙමී ඉස්කෝලෙට ලඟාවුනා.
ඒත් ඊලඟට වෙන්න තියෙන දේ ගැන සාකියා හාංකවිසියක්වත් දැනගෙන හිටියෙ නෑ.
සාකියා ඉස්කෝලෙ පිටිපස්සෙ ගේට්ටුවෙන් ඇතුළු වෙලා ජන ගංගාවක් එක්ක පිට්ටනිය මැද්දෙන් ඇවිදගෙන යන අතරෙ තමයි ඒ කරදරයට මූණ දෙන්න සිද්ධ වුනේ.
සාකියා ඇවිදගෙන යනවා. එහෙම යනකොට සාකියාට අමුත්තක් දැනෙනවා. හරියට නිකන් තමන් ගෝනියක් ඇඳන් ඉන්නවා සහ ඒ ගෝනිය මේ දැන් ගැලවිලා බිම පතිත වෙන්න යනවා වගේ.
ඉතින් මම දස අතේ කල්පනා කොලා මේ මොකද්ද මේ වෙන්න යන්නෙ කියලා. ඒ අතරේ සාකියාට දැනෙනවා කකුල් වල පුංචි පුංචි නූල් කෑලි ගෑවෙනවා. මොකාද බොල?
එතකොටයි මට ඒ සුන්දර යතාර්ථය අව්බෝධ වුණේ.
හදිස්සිය වැඩිකමට ඇඳගෙන හිටපු ටවල් කෑල්ලට උඩින් යුනිෆෝම් එක දාගෙන තමයි මම ඉතාම තේජවන්ත ව පිට්ටනිය මැද්දෙන් මේ ඇවිදන් යන්නේ.
මීට කලිනුත් මීටත් දෙගුණයක් හපන් සිද්ධියක් වෙලා හිටපු සාකියා (ඒ සිද්ධිය අපි පසුව ට කල් තියමු.) දැනගෙන හිටියා මේ වගේ වෙලාවක ගන්න ඕනෙ හොඳ ම ක්‍රියාමාර්ගය.
මම රොබෝ මෝඩ් එක ඇක්ටිවේට් කොළා.
කොහොමද? ටවල් එක වැටෙන්න නොදී රොබොටික්කා වගේ අත්දෙක සරීර කූඩුව දෙපැත්තෙන් තද කොරාගෙන, වටේ පිටේ ඉන්න එවුන්ට වෙනසක් නොපෙන්නා ඉදිරියට ම ගමන් කළා.
රොබෝ වගේ ස්ලෝ මෝෂන් ඇවිදගෙන ගිහින් ගිහින් යන්තම් ටොයිලට් එකට රිංගගත්තා. ඊටපස්සෙ ටවල් එක දහයට නවලා යුනිෆෝම් එකේ පොකට් එකට දාගත්තෙ කොහොමද කියලා නං අහන්න එපා. ඒක නං පුතෝ මමවත් දන්නෙ නෑ!
අම්මපා මේ වගේ එවුන්..
ReplyDeleteඅලේ අහිංසක මට එහෙම කියල්ලෙපා අලේ :D
Deleteමටත් ඉස්කෝලෙ යනකාලෙ උදෙන් නැගිටිනවා කියන එක මහ එපාම කරපු වැඩක්. මම මූන හෝදගෙන ආයිත් නිදාගන්නවා. තාත්ත කියනවා මට බලාඉන්න බැ මං යනවා කියල... අම්ම බැනල නැගිට්ටෝල ඉස්කොලෙ යවනවා.
ReplyDeleteඉස්සර අපේ ගෙදරත් නැගිටින්නෙ නැතිකොට ඔය වගේ විවිධ ප්‍රයෝග කරනවා. අපි අහුවෙයි ඕවට හුහ්!
Delete