කවදාහරි කාටහරි ලියලා තියෙනව ද ලියුමක්?
මට මතකයි මම ඉස් ඉස්සරම ලියුමක් ලියනකොට යන්තම් අවුරුදු හතක් අටක් විතර ඇති. හැබැයි ඉතින් ඕක ලිවීමේ ගෞරවය මට තනියම ගන්න බෑ. මොකද ඒක ලිවුවේ මේ බ්ලොග් එක කරන අනිත් එක්කෙනා, ඒ කියන්නෙ අනේමන්දා එක්ක එකතුවෙලා.
ගෙදර තිබිච්ච ලස්සන සුදු A4 කොළයක් කොහෙන්ද හොයාගෙන, ඊට පස්සෙ ඒකේ පාට පාට ප්ලැටිග්නම් වලින් විවිධාකාර මල්, සත්තු ඇඳලා තඩි බෝල අකුරු වලින් මොනවාදෝ කුරුටු ගාලා පළවෙනි වතාවට ලියුමක් ලියපු හැටි මට තාම මතක් වෙනවා. විශේෂත්වය තමයි ඒ ලියුම නිර්නාමික ලිපියක් වීම. ඒ වගේම ඒක යවන්නට නියම වෙලා තිබුණේ අපේ ගම්මුලාදෑනි සීයාට.
ලියුම අපිට තැපෑලට දාන්න පුළුවන් වුනා ද කියලා නම් මට හරි හැටි මතකයක් නෑ. ඒත් ඒ ලියුමේ අවසානයට ලියපු විකාර කවිය නම් මට හොඳට ම කටපාඩම්.
"කුරු කුරු නළුවා මමයි - කුරු කුරු නළුවා මමයි
ගීතය රස විඳ විඳ ඉන්නේ - පස්වෙනි හතු පෙත්තේ
කොටුවයි කූඹි කැලෙයි - ෆොටෝ ගන්න මම කූඹිච්චී
කූඹිච්චිගෙ හැඩ වැඩ බලලා - හැමෝම හිනැහෙනවා
හා! හා!"
ඒ ගීතයෙන් ආරම්භ වුනේ නොනිමෙන කූඹි ගීත වැලක්. දැන් නම් ලියුම් ලියන්න එතරම් ම හැකි වුණේ නැතත් කලාතුරකින් හරි ලියුමක් ලිවුවොත් ඒ හැම ලියුමක ම අවසානය ට තමන් ම නිර්මාණය කරපු කූඹි ගීතයක් එකතු කිරීම දැන් අපේ සම්ප්‍රදායයක්.
ඒ දවස් වල අපි ලියුම් ලියන්නෙ එක්සර්සයිස් පොත් වලින් ගලවාගත්ත මැද පිටු එකතුකරලා එකට අමුණලා. ඒ පිටු පිරෙන්න ලියන්න ගොඩාක් දේවල් ඒ කාලේ තිබ්බා. ඒ අතරිනුත් වැඩිපුර ම ලියැවුණේ අපි ආරම්භ කරපු රහස් සංවිධානයක් ගැන. ඊට අමතර ව නාට්‍ය, චිත්‍රපටි කරන්නත් ලියුම් මාර්ගයෙන් සැලසුම් කළා.
ඒ වගේම දෙහි යුෂ වලින් ලියපු නොපෙනෙන රහස් ලියුමකුත් මම ලියපු ලියුම් අතරේ තියෙනවා. ඒ ලියුමෙ උඩම පෑනෙන් ලියලා කියවීම ට උපදෙස් දීලා තියෙනවා. ඒ කියන්නෙ ඉටිපන්දම් එළියට අල්ලලා කියවන්න කියලා කියවන්නා ව දැනුවත් කිරීමක්. ඒ වගේම අවසානය ට ලියලා තියෙනවා "මෙය කියවූ වහාම ගිනිබත් කර විනාශ කරන්න!" කියලා.
මට මතකයි ඒ කාලේ පැයක් දෙකක් ගත කරලා හිතට එන හැම එකක් ම වගේ ලියනවා. ඊට පස්සෙ රෑට කුස්සිය ට අරන් ගිහින් අම්මා උයන තැනට වෙලා ඒ ලියුම හයියෙන් කියවනවා. පස්සෙන්දා ලා දුඹුරු පාට ලියුම් කවරෙ ඇතුලේ ඒ ලියුම පොඩි නොවෙන්න පරිස්සමට තැන්පත් කරලා ගම් ගාලා අලවනවා. නැට්ටුකාරයාගේ මුද්දරයක් ඒ ලියුමෙ දකුණු අත පැත්තෙ ඉහළ ම කෙළවරේ වතුර ටිකක් ගාලා අලවලා ඊට යටින් ලිපිනය ලියනවා.
වැඩට යන ගමන් තැපැල් පෙට්ටියට දාගෙන යන වගකීම අම්මා ට හරි තාත්තා ට හරි පවරලා ආයෙමත් දහ පහළොස් සැරයක් මතක් කරන්නෙ ලියුම යවන එක ප්‍රමාද වෙයි කියලා බයට.
ඊලඟට එන්නෙ යවපු ලියුමට දිගම දිග පිළිතුරු ලිපියක් එනකම් ඇඟිලි ගැන ගැන ඉන්න නොඉවසිලිමත් කාලය. ලියුම් පියුම් ගේට්ටුව ගාව බෙල් එක ගහනකොට මම තමයි ඉස්සරහට දුවගෙන යන්නේ. එතකොට ඉතින් මගේ නමට ලියුමක් නැත්නම් එන්නේ කට ඇද කරගෙන තමයි.
අනේමන්දා එවන ලියුම් මගේ ඒවට වඩා ටිකක් වෙනස්. ඒවා වෙනස් වෙන්නෙ එයාගෙ ලියුම් කවර වලින්. අනේමන්දා එවන ලියුම් වල මුද්දර අලවලා නෑ. ලියුම් කවරයේ ම මුද්දරයක් මුද්‍රණය කරපු ලියුම් ගැන මම දැනගත්තෙ ඒ ලියුම් වලින් තමයි.
ඉතින් එහෙම මුද්දරය මුද්‍රිත ලියුම් කවරයක දාපු ලියුමක් ආපුවහම මුලින් ම කරන්නෙ ගේට්ටුව ගාව ඉඳන් ගෙදරට දුවගෙන එන ගමන් ම ලියුම කඩන එක. ගේ ඇතුලට ගිහින් ලියුම කඩන එකත් කාලය නාස්ති වීමක් නේ!
ඉස්සෙල්ලා ම මම හොඳ සැප පහසු පුටුවක වාඩි වෙලා තනියම ලියුම කියවනවා. ඊට පස්සේ නැවතත් සැරයක් කියවනවා. හවස ට ආයෙමත් ගෙදර හැමෝට ම ඇහෙන්න ලියුම කියවනවා. ඔය අතරේ සමහර කොටස් සංස්කරණය කරමින් කියවන්නත් සිද්ධ වෙනවා. ඒ නිසා තමයි මුලදී ම ලියුම දෙතුන් සැරයක් ස්කෑන් කරන්නෙ.
දැන් කාලේ වෙනකොට නම් ලියුම් වෙනුවට යවන්නේ විද්‍යුත් ලිපි එහෙමත් නැත්නම් ඊ-මේල්. එහෙම ලිපියක් ආවත් මට නම් තාමත් අර ඉස්සර පියුම්ගෙන් ලියුමක් ලැබෙන වෙලාවට දැනෙන සතුට දැනෙනවා. ඒත් ඉතින් ලියුම් කවරේ කඩලා, කොල වල සර සරයත් එක්ක පිටුවෙන් පිටුව පෙරලලා, අතරින් පතර බලි රූප ඇඳපු ලස්සන ලියුමක් කියවනකොට දැනෙන මිහිරි ගතිය නැති අඩුවත් හොඳින් ම දැනෙනවා.
ඒ විතරක් නෙවෙයි. දැන් ලියුමක් යවන්න ඉස්සර වගේ දින ගනන් බලන් ඉන්න උවමනාවක් නෑ. ලියන පමාව ට යවන්නත්, යවන පමාව ට පිළිතුරු එවන්නත් පුළුවන් වෙන තරමට තාක්ෂණය දියුණු වෙලා. මට හිතෙන්නෙ ඒකෙන් ලා දුඹුරු පාට ලියුම් කවර වල දාපු රහස් පිරුණු ලියුම් වලට තිබුණු වටිනාකම අඩුවෙලා.
ඉඳලා හිටලා කාමරයක් අස්පස් කරනකොට, පරණ දිනපොතක් පෙරළනකොට හදිසියේ ම අර පරණ ලියුමක් මුණගැහෙනවා. එතකොට අවුරුදු දහයක් දොළහක් අතීතයට ගිහින් ආයෙමත් පොඩි ළමයෙක් බවට පත්වෙලා මම ඒ ලියුම කියවන්නෙ හරියට පරණ ම යාලුවෙක් එක්ක නිහඬ සංවාදයක යෙදෙනවා වගේ.
ඒ කොහොමවුණත් කවුරුවත් ම නැතත් වයසක ආච්චියෙකුට හරි සීයෙකුට හරි, එහෙමත් නැත්තං තනිවෙච්ච කෙනෙකුට හරි කමක් නෑ, අතින් ලියලා ලස්සන ලියුමක් යවන්න පුලුවන් නම්, ඒ සිත් වලට සතුට අවුන්සයක් කාන්දු කරවන්න ඔයාට පුළුවන් වෙයි.
* * * * * * * * * * * *
Night Mail
This is the Night Mail crossing the border,
Bringing the cheque and the postal order,
Letters for the rich, letters for the poor,
The shop at the corner and the girl next door.
Pulling up Beattock, a steady climb:
The gradient's against her, but she's on time.
Past cotton-grass and moorland boulder
Shovelling white steam over her shoulder,
Snorting noisily as she passes
Silent miles of wind-bent grasses.
Bringing the cheque and the postal order,
Letters for the rich, letters for the poor,
The shop at the corner and the girl next door.
Pulling up Beattock, a steady climb:
The gradient's against her, but she's on time.
Past cotton-grass and moorland boulder
Shovelling white steam over her shoulder,
Snorting noisily as she passes
Silent miles of wind-bent grasses.
Birds turn their heads as she approaches,
Stare from the bushes at her blank-faced coaches.
Sheep-dogs cannot turn her course;
They slumber on with paws across.
In the farm she passes no one wakes,
But a jug in the bedroom gently shakes.
Stare from the bushes at her blank-faced coaches.
Sheep-dogs cannot turn her course;
They slumber on with paws across.
In the farm she passes no one wakes,
But a jug in the bedroom gently shakes.
Dawn freshens, the climb is done.
Down towards Glasgow she descends
Towards the steam tugs yelping down the glade of cranes,
Towards the fields of apparatus, the furnaces
Set on the dark plain like gigantic chessmen.
All Scotland waits for her:
In the dark glens, beside the pale-green sea lochs
Men long for news.
Down towards Glasgow she descends
Towards the steam tugs yelping down the glade of cranes,
Towards the fields of apparatus, the furnaces
Set on the dark plain like gigantic chessmen.
All Scotland waits for her:
In the dark glens, beside the pale-green sea lochs
Men long for news.
Letters of thanks, letters from banks,
Letters of joy from the girl and the boy,
Receipted bills and invitations
To inspect new stock or visit relations,
And applications for situations
And timid lovers' declarations
And gossip, gossip from all the nations,
News circumstantial, news financial,
Letters with holiday snaps to enlarge in,
Letters with faces scrawled in the margin,
Letters from uncles, cousins, and aunts,
Letters to Scotland from the South of France,
Letters of condolence to Highlands and Lowlands
Notes from overseas to Hebrides
Written on paper of every hue,
The pink, the violet, the white and the blue,
The chatty, the catty, the boring, adoring,
The cold and official and the heart's outpouring,
Clever, stupid, short and long,
The typed and the printed and the spelt all wrong.
Letters of joy from the girl and the boy,
Receipted bills and invitations
To inspect new stock or visit relations,
And applications for situations
And timid lovers' declarations
And gossip, gossip from all the nations,
News circumstantial, news financial,
Letters with holiday snaps to enlarge in,
Letters with faces scrawled in the margin,
Letters from uncles, cousins, and aunts,
Letters to Scotland from the South of France,
Letters of condolence to Highlands and Lowlands
Notes from overseas to Hebrides
Written on paper of every hue,
The pink, the violet, the white and the blue,
The chatty, the catty, the boring, adoring,
The cold and official and the heart's outpouring,
Clever, stupid, short and long,
The typed and the printed and the spelt all wrong.
Thousands are still asleep
Dreaming of terrifying monsters,
Or of friendly tea beside the band at Cranston's or Crawford's:
Asleep in working Glasgow, asleep in well-set Edinburgh,
Asleep in granite Aberdeen,
They continue their dreams,
And shall wake soon and long for letters,
And none will hear the postman's knock
Without a quickening of the heart,
For who can bear to feel himself forgotten?
Dreaming of terrifying monsters,
Or of friendly tea beside the band at Cranston's or Crawford's:
Asleep in working Glasgow, asleep in well-set Edinburgh,
Asleep in granite Aberdeen,
They continue their dreams,
And shall wake soon and long for letters,
And none will hear the postman's knock
Without a quickening of the heart,
For who can bear to feel himself forgotten?
සාකියා ය කිව්වෙ අපි රජ ඉබ්බො එකේ ඉන්න ඩෑල් එකද... කෝ බං එතකොට ඉබ්බො ටික හිහි
ReplyDeleteමමත් ලියුං ලියල තියේ හම්බෙලත් තියේ තාවත් ඉද හිටල ලියනව හම්බෙනව... ලියුං කියන්නෙ මාරම ෆන් වැඩක් නැද්ද මං අහන්නෙ
අඩුගාණෙ කෙල්ලට වත් ලියුමක් ලියපු නැති උං නං ඒ කික් එක දන්නවද දන්නෑ... වාසනාවට වගේ කෙල්ලන්ට ලියුං ලියපු අන්තිම පරම්පරාවෙ එකෙක් මමත්...
හම්මේ ලියුම් ලියන එක නෙවී නෙ වැඩේ දෙන එකනෙ... හිහි ඒ මදිවට හම්බෙල ඒව හංගන්නත් වෙනම තැං තිබ්බලු ඈ...
සාකිය වගේ ඒ හම්බෙන ඒව ගෙදර ට ඇහෙන්න කියෙව්ව නං දරු කමිනුත් නෙරපල කෑම කාඩ් එකත් කපල වීස ත් කැන්සල් කරල දාන්න තිබ්බ හම්මේ මාර භයානක අයිඩියාවක් නෙ
ආයෙත් එන්නං කො ජයවේවා
නෑ නෑ ඒ ඩෑල් එක මතක් වෙලා නෙවෙයි, ඕක මම හදාගත්තු එකක් හිටං. ඉබ්බො ටික නං ඔය කොහේ කොහේ හරි ඇති මයෙ හිතේ.
Deleteආයෙත් අහලා! ඒකනේ සංස්කරණය කර කර කියන්නෙ. නැත්තං ලියලා තියෙන සමහරක් ඒවට ඔය කිවුවා වගේ බරපතල වැඩ සහිත ව සිරගත කරලා දැන් දහ අවුරුද්දක් විතර වෙනවා. :D
සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට!
සාකියා බලන්න ඕං මාත් ආවා
ReplyDeleteඔය ඇවිත් තියෙන්නේ. . . දේශක යා වත් සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා දෙපන්හිඳට! ආයෙත් එන්න මේ පැත්තට.
Deleteමාත් පොඩිකාලෙ කවුරුහරි ලියුම් ලියනව දැකල ලියුමක් ලියල නැදෑ කෙනෙකුට තැපැල් කරල තියනවා. හැබැයි මට උත්තර ආපු බවක් මතක නැ.
ReplyDeletepoem එක ලස්සනයි
ඔව් මාත් කැමති Poem එකක්.
Deleteයැවුවෙ නැතත් ලියුම ලියන එකෙත් ජොලියක් තියෙනවා. නැද්ද මං අහන්නෙ?
ඉස්සර පෑනේ මිතුරියන්ට ලියපු විදිය මතක් උනා
ReplyDeleteඑතකොට කිචී ට හිටියෙ පෑනේ "මිතුරියො" විතරම ද? :D
Delete