Saturday, June 27, 2015

කවියක් ය ජීවිතය . . .




කවියක් ය ජීවිතය . . .

ලා හිරු එළිය අතරින්
වන මල් සිනාසෙන උදෑසන
කිරි කළයක සුද ගත් නැවුම් සිතිවිල්ලෙන්
මුතු කැට අකුරින් ලියැවුණ

ගිනිගහන මද්දහනේ
තුරු සෙවනක
පාළු බංකුවකට වී
අකුරු කළ

මැදියම් රැයේ අදිසියෙන් ඇහැ ඇර
මේස ලාම්පුව අසල සිට
නිදිමතින් කැටයම් වුණ

සිනාසෙන විට සොම්නසින්
කලබලෙන් ඇදවුණ

සීරුවට ගලන කඳුළු වැල් අතරින්
බොඳ වුණු පිටුවක මතුවුණ

ඇතැමුන්ට වැටහෙන
ඇතැමුන්ට නොවැටහෙන
තවෙකෙකුට නීරස
තවත් කෙනෙකුට රස

වැඩි කහට
වැඩි සීනි
කිරි තේ කෝප්පයක්.

8 comments:

  1. "වැඩි කහට
    වැඩි සීනි
    කිරි තේ කෝප්පයක්."

    ඒක නම් පට්ට....

    ReplyDelete
    Replies
    1. බොහෝමත් ම තැන්කියු වේවා රූපේ! සාදරයෙන් පිළිගන්නවා දෙපන්හිඳ ට!

      Delete
  2. උඩ කවියක්ලු
    යට තේ කෝප්පෙලු
    සිනිත් වැඩියිලු
    ඩයබටීස් එන්න කලින්
    කැම පාලනය හොදයිලු...........

    ReplyDelete
    Replies
    1. වැඩි කහට වැඩි සීනි කිරි තේ වලට සාකියා ආසයිලු
      ඒත් සමහරු එහෙම නැහැලු
      කවියත් ඒ වගෙයිලු
      ජීවිතය කවියක්ලු
      සමහරුන්ට රහලු
      සමහරුන්ට සීනි දැම්මත් තිත්තලු
      ඩයබෙටිස් හැදෙන්න බෑලු
      ඔය කිවුවට
      එච්චරම බොන්නෙත් නෑලු යාළු . . . . . . . . . .

      Delete
  3. අපේ ඩැඩා වගේ ඒත් මට අඩු කහට අඩු සීනි. හිහි
    මොන මගුලක්ද මංද වැඩි පැණි රහ කන්නෙම නෑ.
    ඒත් හූ කියන්න මිරිස් දාපු කෑමක් නං ලොවෙත් අතාරින්නෑ හික්
    ලස්සනය් කවිය

    ReplyDelete
    Replies
    1. දානෙ ගෙවල් වලට ගියාම හූ කියන්න මිරිස් කනවා මමත්, හැබැයි ඇස් වලින් කඳුළු ගල ගල, නහය හූර හූර තමයි.
      තැන්කියු හොඳේ!
      අඩු කහට අඩු සීනි ශරීර සෞඛ්‍යයට ගුණයි නොවැ.

      Delete
  4. මේක හදිස්සියෙ ලියපු එකක්

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් . . . එහෙමමත් නෑ, නැත්තෙත් නෑ. හිතට ආපු දේ කොටලා දැම්මා. හි හි

      Delete