මේ කවියත් සාකියා ඉස්කෝලේ කාලෙදි පාසල් පුවත්පතට ලියාපු එකකි. කියවලා ම බලන්නකෝ.
ඉපැදුණු
දින පටන් ඔබ මා කැදැල්ලේ
ඇති
දැඩි කළෙමි රැකගෙන මගේ තුරුල්ලේ
කාලය
එළඹ හැරි විට ඔබ නිදැල්ලේ
අමතක
විණි ද? යෙදුණි
ද මා නැසිල්ලේ
පුතුණේ
නුඹට දුන්නෙමි මම ජීවිතය
නිවන
ට පවස නිරතුරු පෙවු මීවිත ය
පවන
ට මුසු කළෙමි ජීවන ගී රසය
අතහැර
යනු ද එය? මා
සිත පීඩිතය
නිලඹර
සැදිමි වැහි දිය පිරි වළාවන්
මිහිපිට
මැවිමි ඝන තුරුලිය පලා වණ්
උරුමය
ලෙසට දෙන ලෙද නිම කළා මම්
අතහැර දසත ගිය වෙ ද ඔබ පළා දැන්
දාහය
නිවනු සිහිලැල් පවනකි එව්වේ
ඒ
කළ ගුණට තුති ගීයක් නැත පැතුවේ
ජීවය
රකින්නය ඔබ සැම මා සිතුවේ
ඒ
වුව ඔබම ආපසු විත් මා නැසුවේ
ආදර
කරමි ඔබ හට දිවි තිබෙන තුරා
සාදර
සිතින් සිටියෙමි මම දිවිය
පුරා
මා
දිවි රකින තුරුලිය ඔබ ඈත් කරා
නාරිමි
එහෙත් සිටිනෙමි නුඹෙ දිවිය
අරා
දෑතම
පණ නැතත් මට ඔබ රැකගන්ට
වාරුව
ගනිමි කල එනතුරු වැටහෙන්ට
කාලය
එන්ට පෙර දෑස ම පියවෙන්ට
ජීවය
රැකගන්ට, මා
හට සැනසෙන්ට
හොදයි නෙ.....
ReplyDeleteබොහොම ස්තූතියි චාමර!
Deleteමේ ඔයගොල්ලන්ගෙ බ්ලොග් එක http://atampahura.blogspot.com එකට add කරන්න මිනිහ හොද හාදයා, කාටත් උදවු කරනවා. තව ටිකක් කස්ටිය අද්දගන්න පුළුවන්, බ්ලොග් එක උඩින්ම තියනව email address එක .
Deleteඔත්තුවට බොහොම පිං චාමර! ඔන්න ඊයක් යැව්වා අටම්පහුර පැත්තට.
Deleteඉක්කෝලෙ කාලෙ කීවට ඒකෙ ඇති අවුලක් මට පෙන්නෙ නෑ ඒ දවස් වලත් අද වගේම හොදට ලියන්න ඇති හිහි
ReplyDeleteඅනේ බොහොම ස්තූතියි! (ඉස්කෝලේ යන කාලෙ කිවුවම හිතන්න ඇත්තෙ මං දැන් ආච්චියෙක් කියලා වෙන්ටැ. . .හුහ්)
Deleteහොදයි. මට මේ කවි වලට සමාන rhyme වෙන ගතියක් මතකෙට ආව
ReplyDeleteඋතුම් සිහල පරපුර සිහි තිබෙන තුරු
විකුම් රාජ ලේටික මගෙ තිබෙන තුරු
නෙතින් කඳුලු නොහලමි දිවි තිබෙන තුරු
ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු
අනේ බොහොම ස්තූතියි! පැණිකුත් හොඳ කවි කියවන්නෙක්, රසවිඳින්නෙක් වගේ . . .
Deleteසාදරයෙන් පිළිගන්නවා දෙපන්හිඳට! ආයෙමත් එන්න හොඳේ.