Wednesday, June 17, 2015

අපි කාට ද බය


Image result for sharks 

අනේ සමාවෙන්න. ඔයිට වඩා ලොකු පින්තූරයක් දැම්මා නම් මට මේ පුටුව උඩම පත බෑවිලා ඉන්නයි වෙන්නෙ!

ඔව්, මම ඒ තරමට ම මෝරුන්ට බයයි. බයයි කියන්නෙ හොඳටම බයයි.
ඒක කොයි කාලේ කොහොම ඇති වෙච්ච බයක්ද කියලා දන්නෙ නෑ. පොඩි කාලෙ ඉඳන් මෝරුන් ගැන වැඩසටහන් බලලා ඇති වෙච්ච බයක් කියලා තමයි අනුමාන කරන්න පුලුවන්.

සමහර වෙලාවට ඔය නාන තටාක වල "ඩීපෙන්ඩ්" නොහොත් ගැඹුරු ම ප්‍රදේශයට ගියාම මට දැනෙන්නෙ මේ දැන් පහළ ඉඳන් මෝර තඩියෙක් ඇවිත් කකුලෙන් කෑල්ලක් ඩැහැගනියි කියලයි.

අද මේ කියන්න යන්නෙ මෝරු ගැන කියලා වරදවා වටහාගන්න එපා ඔන්න.

අහලා තියෙනවද "Phobia" නොහොත් අනියත බිය කියලා දෙයක් ගැන?
සමහරවිට ඔයාටත් තියෙනවා ඇති පුදුමාකාර ෆෝබියාවක්.

ෆෝබියා කියන්නෙ මම මෝරුන්ට දක්වන බයට වඩා එහා ගියපු දිගු කාලීන අසීමාන්තික ව පවතින බියක්.
සාමාන්‍යයෙන් අපි එතරම් වැදගැම්මකට නැති විදියට දකින දෙයක් තවත් කෙනෙකුට පන එපාකරවන තරම් බය දෙයක් වෙන්න පුළුවන් බව හිතලා තියෙනවද?
කොටින් ම සුභ ආරංචි අහන්න බය මිනිහෙක් ඉන්න පුලුවන් කියලා විශ්වාස කරනවද?

ඇත්තට ම එහෙම පුද්ගලයින් මේ ලෝකෙ, මේ අපි කතාකරන මොහොතෙ පවා ජීවත් වෙනවා.

ඇතැම් ෆෝබියාවන් සුලභ ව දකින්න පුලුවන් වුනත් ඇතැම් ඒවා හිතන්න බැරි තරමට විකාරයි. ඉතින් මම ගූගල් බාප්පා එක්ක එකතු වෙලා අනන්තය දක්වා විහිදී යන ෆෝබියා ලැයිස්තුවකින් සාමාන්‍ය සහ මාන්දමික යන දෙවර්ගයට ම අයත් ෆෝබියා දෙක තුනක් තෝරාගෙන ඔබ ඉදිරියේ දිගහරින්න හිතුවා.

 


 සාමාන්‍යයෙන් දකින්න පුලුවන් ෆෝබියා වර්ග කිහිපයක් තමයි මේ. බලන්න වැරදිලාවත් ඔය එකක් දෙකක් වගේ තමන්ටත් තියෙන්න පුලුවන්.

  1. ඇරැක්නෆෝබියා (Arachnophobia) - මකුළුවන්ට අසීමාන්තික බියක් දක්වන අය දැකලා තියෙනවද? ඒගොල්ලන්ට තියෙන්නෙ ඔන්න ඔය ෆෝබියාව තමයි. 
  2. ඇක්‍රොෆෝබියා (Acrophobia) - උස් ප්‍රදේශ වල ඉන්න බය උදවියට තියෙන්නෙ මේ ලෙඩේ තමයි.
  3. සමාජශීලී වීමට දක්වන බිය (Social Phobias) - මේක ටිකක් දරුණු තත්වයක්. මේ වගේ පුද්ගලයින් හැමවෙලේ ම උත්සාහ කරන්නෙ සමාජයෙන් වෙන්වෙලා ඉන්නයි. මෙහෙම අය සමාජයත් එක්ක ගැවසෙන අවථාවන් වලදි Anxiety attack කියන තත්ත්වය ට පත්වෙන්න බොහොම ඉඩකඩ තියෙනවා.
  4. Pteromerhanophobia - පියාසර කිරීමට දක්වන බිය, එහෙමත් නැත්තන් අහස්යාත්තර වල යන්න බියවීම තමයි මේකෙන් කියවෙන්නේ. (මට තේරෙන විදිහට ඕක කියවන්නෙ ටෙරමරානොෆෝබියා කියලා වෙන්න ඕනේ.)
දැන් බලමු දැක්ක ගමන් හිතාගන්න බැරි මාන්දමික ෆෝබියාවන් කිහිපයක්.

  1. Amaxophobia - කාර් රථයක් තුළ ගමන් කිරීමට ඇති බිය.
  2. Anthrophobia / Anthophobia  - මල් වලට ඇති බිය.
  3. Apeirophobia - අනන්තය ට දක්වන බිය.
  4. Arachibutyrophobia  - රටකජු බටර් නැත්තං සිංහලෙන් ම කියනවා නං Peanut Butter උඩුතල්ලේ ඇලෙනවාට ඇති බිය.
  5. Arithmophobia - සංඛ්‍යා නැත්නම් අංක වලට ඇති බිය.
  6. Aurophobia - රත්රන් වලට ඇති බිය.
  7. Chirophobia - අත් වලට ඇති බිය.
හම්මේ . . . දැන් නම් ඇති වගේ. හැබැයි වැරදිලාවත් මේ විෂයය ගැන උනන්දුවක් ඇති වුණා නං මෙන්න මේ ලින්කුව දිගේ ගිහින් හොයාගන්නකෝ ෆෝබියා ලැයිස්තුවක් ම!

තවත් එක් පෝස්ටුවක අවසානය. කොහොම නමුත් අවසානයට ත් සටහනක් තියන්න ඕනේ කියලා මම හිතුවා.
අඩුගානෙ අපෙ ජීවිත කාලෙදි මේ වගේ එක්කෙනෙක් හරි මුණගැහෙන්න පුළුවන්. සමහරවිට නොදැනුවත්ව ම මෙහෙම මිනිස්සු අපි දැකලත් ඇති.
ෆෝබියාවක් නිසා තමන්ගේ ජීවිත කාලෙම සමාජයෙන් වෙන්වෙලා, අමුතු පුද්ගලයෙක් විදියට හංවඩුගැහිලා ජීවත් වෙන මිනිසුන් මේ සමාජයේ ජීවත් වෙනවා.
ඉතින් ඒ නිසා කිසිම කෙනෙක් ගැන පිස්සෙක්, මෝඩයෙක් කියලා පූර්ව විනිශ්චයයන්ට, නිගමනයන්ට එළැඹෙන්නෙ නැතුව ඉන්නවා නම් තමයි හොඳ.

පණුවෙක්ට බය මිනිහෙක් දන්නවා ඌට කොච්චර බයද කියලා.

නැවත හමුවෙමු!

9 comments:

  1. නයෙක්ට වඩා ගැරඬි පතයෙක්ට බය වෙන එක කොයි තරං සෝයි ද නේද අනේ
    හිහි
    මටත් තියෙනව පෝස්ට් පෝබියාවක්.
    ඒකනෙ බ්ලොග පාළුවට යන්න ඇරල තියෙන්නෙ හිහි

    ReplyDelete
    Replies
    1. ඒක නං එච්චර හොඳ ෆෝබියාවක් නෙවෙයි මහේෂ්. . . ඇහුනද?

      Delete
  2. කාට කාටත් ඉතින් මොකක් හරි බයක් තියෙනවනේ..

    ReplyDelete
  3. බිය නොවන්න ෆෝබියාවට මුහුණ දෙන සැටි මම පෙන්වමි

    ReplyDelete
    Replies
    1. අනේ කොච්චර දෙයක් ද! අපිත් මේ කාවහරි හොය හොයා හිටියෙ.

      Delete
  4. ඔය මොකද දන්නවද ඔයා පොඩිකාලෙ ඩිස්කවරි චැනල් එක බලල තියනව , නැත්නං Jaws film එක බලල තියනවා. ඕකට බේත Jaws film සෙට් එක හොයාගෙන හිමින් සීරුවෙ තනියෙන් බලන එක.

    ඒයි .....සාකියො කෝ අනේ මන්දා, සාකියා කෙලගෙන පොස්ට් දානකොට අනේමන්දට ෆෝබියාව හැදිලද?

    ReplyDelete
    Replies
    1. බැලුවා නේන්නම් ඩිස්කවරි හිටු කියලා! Jaws බැලුවෙ නං මේ ඊයෙ පෙරේදා.

      Delete
    2. මේ දවස්වල පෝස්ට්ෆෝබියාව හැදිලනේ චාතා...පොඩ්ඩිත්තක් busy.කෙටි කතන්දරයක් මඟ එනවා...ඉවසීම ප්‍රගුණ කරන්ට දරුවා... :D

      Delete