ඒ කොළපාට, මරකත මැණික් වගේ ඇස්....
ඔව්. ඒ ඔහු ම තමයි.
අවුරුදු දහයකට පස්සෙ
නැවතත් මගේ දෑස් ඉදිරිපිට දිළිසි දිළිසි බලන් හිටියෙ,
ඔහු ම තමයි
ඔව්. ඒ ඔහු ම තමයි.
අවුරුදු දහයකට පස්සෙ
නැවතත් මගේ දෑස් ඉදිරිපිට දිළිසි දිළිසි බලන් හිටියෙ,
ඔහු ම තමයි
ගෙන්දගම් පොළොවෙ ඉඳන් දුම්රියේ ඒ යකඩ මතුපිට මත තබාගත්තු මගේ දෙපා නුවරඑළියේ සීතළ පොළොවෙ වදිනකොට ඒක මගෙ ජීවිතෙත් මහ විශාල සන්ධිස්තානයක් වෙයි කියලා මම හීනෙකින්වත් බලාපොරොත්තු වුනේ නෑ.
ඒ හරියටම දෙදහස් පහේ අවුරුද්ද. මට යන්තන් වයස විස්සක් වුනා විතරයි.
මම නැවතුනේ යාළුවෙකුගෙ නිවසෙ, ඉහල මහලේ, එයාගෙ ඇඳ බෙදාගෙන.
එයා මගෙ දිහාට ඇවිදන් එනවා.
වෙන්න බැහැ
මොකටද?
ඇත්තටම මොකටද?
වෙන්න බැහැ
මොකටද?
ඇත්තටම මොකටද?
ග්‍රෙගරි ලේක් එක ගාවින් ඉර බැහැගෙන යන වෙලාවට ඇවිදින්න යමුයි කියලා යෝජනා කළේ සම්මානි. ඒ කියන්නෙ මගෙ යාළුවා.
කැමරාවත් උස්සගෙන මම ගියේ ඒ මනරම් පරිසරයේ ඡායාරූප කිහිපයක් ගන්න හිතාගෙන.
ළා
ඉරු එළිය අතරින් වයිඩ් ඈන්ගල් ෂූට් එකක් කරන්න යනකොට කැමරාවට තද කරන්
හිටපු තනි ඇහැට කැමරා මානයේ යන්තම් කෙලවරකින් හීනි දිගැටි ඡයාවක් පෙනී
නොපෙනී ගියා. මං කැමරාව ඇදේ යන්න ඉඩ ඇරියා.
හිනාවෙනව
ඒ ඇස් කොළපාට ට හිනාවෙනව.
නවත්තන්න
මාව ඔය එලියෙන් පිච්චිලා යන්න කලින්,
කරුණාකරලා!
ඒ ඇස් කොළපාට ට හිනාවෙනව.
නවත්තන්න
මාව ඔය එලියෙන් පිච්චිලා යන්න කලින්,
කරුණාකරලා!
ක්ලික්! එයාව ඡායාරූපගත වුණා. කැමරාව පහත් කරලා මම ඡායාරූපය පිරික්සුවා.
"කෝ බලන්න..."
උණුහුම් සුළං රැල්ලක් පාවෙලා ඇවිත් මගේ දකුණු කන ගාව පෙම් රැල්ලක් ඇවිස්සුවා.
මම මගෙ මුහුණ දකුණු පැත්තට ඇල කළා.
එතකොටයි
ඒ මරකත එළිය මගෙ තද දුඹුරු මලානික ඇස් පසාකරගෙන විනිවිදගිහින්, කවමදාකවත්
නොවෙනස්වන විදියට මගේ කණිනිකා මත කොළපාට ඡායාවක් සටහන් කළේ.
ඔව්. කොළපාට පිටසක්වළ එලියක්.
එදා ඉඳන් මං ලෝකෙ දැක්කෙ කොළපාට ට.
(මතු සම්බන්ධයි )
No comments:
Post a Comment