Thursday, May 21, 2015

විද්‍යාත්මක අත්හදාබැලීම්



ඔන්න එක්තරා කාලයක සාකියාත් විකාරරූපී පොඩි එකෙක් වෙලා හිටියලු.
නෑ දැනුත් ටිකා...ක් විතර එහෙම තමයි.

ඔය කාලෙදි කරපුවා මතක් වෙනකොට තනියම හිනා යනවා. දන්නව ද? සමහර වෙලාවලට ඔය පොදු ප්‍රවාහන සේවයේ ගමන් බිමන් යනකොට හිටිහැටියේ ඕවා මතක් වෙලා හිනා යනවනේ! ඒ වෙලාවට ඉතින් මම මගේ බුද්ධිය පාවිච්චි කොරලා පොඩි එකෙක් දිහා බලලා හරි ජනේලෙන් එලියේ තියෙන දේකට හරි හිනාවෙනවා වගේ බොරු පාට් එකක් දාලා නම්බුව බේරගන්නවා.
නැත්තන් වටේ පිටේ ඉන්න මිනිස්සු කලබල වෙලා බස් කෝච්චි හරවං ඉස්පිටිතාලෙ ගියෝතින් හැමෝටම පරක්කු වෙනවනේ. නැද්ද?

ආ. . . පැන්නා නේද ට්‍රැක් එකෙන් එලියට?

ඉතින් මං කියන්න ගියේ පොඩි කාලෙ වෙච්ච සිද්ධි ගැන නේ.

හොඳයි ඉතින් ඔය ඉඩ තියෙන තැන් තැන් වලින් ඈඳි ගත්තා නං. . .

මේක සිද්ධ වුනේ සාකියා බාලාංශ පන්තියෙ ඉන්නකොට. බාලාංශ? ඒ මොකද්ද අනේ ඒ?
මං කිව්වේ මේක වුනේ මම එක වසරේ ඉන්නකොට.

ඔය වයසෙදි පොඩි එවුන්ට විවිධ නව නිපැයුම්, විද්‍යාත්මක අත්හදාබැලීම් වගේ දේවල් කරන්ඩ හිතෙනවා හරියට. ඔය නිසා තමයි විද්‍යාඥයින්, උගතුන්, පඬිවරුන් අනාගතේදි බිහිවෙන්නේ.

ඉතින් පන්තිය ඉතාමත් ඝෝෂාකාරී වෙලාවක මී පැටියෙක් වගේ හුම් සද්දයක් නැතුව හිටි සාකියාගේ මොලෙත් එකපාරටම ක්‍රියාත්මක වෙන්න ගත්තා.
පන්තිය පුරා ළමයි සී සී කඩ. ටීචරුත්  මෙලෝ සිහියකින් හිටියෙ නෑ.

"හොඳ වෙලාව. . ."
සාකියා හොඳට හරි බරි ගැහිලා වාඩිවෙලා තමුන්ගේ ඩැස් එකට ඔලුව තියාගත්තා සුවච කීකරු සිසු දැරියක් වගේ.

පොඩ්ඩක් උගුර පාදලා එහෙම මම මගේ විද්‍යාත්මක පර්යේෂණය ආරම්භ කොළා.

තප්පර පහක් විතර ගත වුනායින් පස්සෙ සාකියාට අති බිහිසුණු හූවක් පන්තිය පුරා පැතිරීගෙන යනවා ඇහෙනවා.

"ඇයි මේ කවුරුත් කැගහන්නෙ නැත්තේ? මුන් මගේ වැඩේට කෙළවන්නයි යන්නෙ!"

ඒත් ඉතින් මේක හිතන්න ගිය තප්පරේටත් හූව දිගටම පවත්වාගෙන යනවා හැරෙන්නට වෙන විකල්පයක් සාකියාට තිබුණේ නෑනේ.

ඉතින් එකපාරට ම උල්කාපාතයක් පිට මැද්දෑවට පත බෑවුනා වගේ සාකියාට දැණුනා.

"ලෝකෙ පෙරළිලා භූමිකම්පාවක්වත් ආව ද? නැත්තන් ඒ මාව හෙල්ලිලා ගියේ මොන බලවේගෙකින් ද?"

සාකියා ඔළුව උස්සලා බැලුවා.


ඉතින් සාකියා දැක්කේ ඔන්න ඔහොම දර්ශනයක් තමයි.

ඊට අමතර ව ටීචරුත් දිග මීටර් කෝදුව අතේ තියාගෙන ඔරෝගෙන හිටියා.

"පිස්සු ද?"
ටීචර් එහෙම ඇහුවා.

ඇස් දෙක ලොඹු කරගෙන ටීචර් දිහා එක දිගටම බලාගෙන ඉන්නවා හැර වෙන දෙයක් කරගන්ඩ සාකියාගෙ අතපය වාරු තිබ්බෙ නැහැ.

මොනවා කරන්න ද. . . ලෝකෙට තවත් විද්‍යාඥයෙක් එකතුවෙන්න තිබ්බ අවස්ථාව ඒ විදියට නැති බංගස්තාන වුණා.

(සත්‍ය කතාවකි. )

6 comments:

  1. තනි පුද්ගල විප්ලවයක් පරාජය වීමක්

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහනවා. අන්ත පරාජයක්! ඒ මදිවට පොළොව පලාගෙන යන්න ලැජ්ජාව.

      Delete
  2. ලේබල් එකටම හරියන කතාව හැබැයි.. මරු මරු..

    අදයි මේ පැත්තට ඔළුව දැම්මේ.. දිගටම ලියන්න ජය..

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි අපි වැඩක් කළොත්. ආයෙමත් ඔළුව දාන්න එන්නකෝ. ඉස්තූතී හොඳේ!

      Delete