පස් වසකට එපිට,
කවදා හෝ කොතැනක හෝ
අහඹු ලෙස ගැටුණි මා ඔබ දෙනෙත් . . .
ඔබ පෙම්වතෙකි
නොහැකි වූයෙන්
පවුරක් වන්නට
ඔබ හා ඈ අතර,
අහක බලාගතිමි නුදුටුවාක් මෙන්
කලකටත් පසු අහඹු ලෙස නැවතත්,
කවදා හෝ, කොතැනක හෝ,
ගැටුණි මා ඔබ දෙනෙත්
ඔබ තනිකඩය
මම,
කෝඩුකාරියෙකි මම
සිතුවිලි සිරකරගත් පපුතුර,
ඉවසන්ට නොහැකි තැන ඒ බැල්ම,
අහක බලාගතිමි
නුදුටුවාක් මෙන්,
නැවතත් සඟවාගෙන හැඟුම් සිත් තුළ
"කවදා හෝ ඔබ
ඇවිද යාවි'යි මා අසලින්
බලාසිටිනෙමි,
කල්පයක් වුවත් බලාසිටිනෙමි
එනවානම් ඔබ නොවැරදීම",
දහස් වරක් මා සිතින් කියා ඇති
"දන්නවාද පොල් ගස්?
පොල් ගස්වලට තියෙනවා ලොකු මුල්,
හුළඟට පොල් ගස් කොච්චර වැනෙනවද
ඒත් මුල්,
දන්නවද ඒ මුල්
ගලවන්න කොච්චර අමාරුද කියලා?
පොළොව බදාගෙන ඉන්නෙ,
හරියට මේ මං වගේ . . .
සමහරවිට,
පොළොවට වෙනසක් නොදැනෙනවා වෙන්නැති
තව කොච්චර නං කියලා ගස් ඇත්ද?
ඒත් කවුරු දන්නවද,
ඒ ගහේ හිටිය පුංචි පොල් කුරුමිනියෙකුට
ඒ ගහත් මහමෙරක් වෙන්නැති"
දොඩමළු වෙන්න ඇත්නම්
ඔබත් එක්ක,
නොවැදගත් කාරණා
විචාරය කරන්න හරි බරපතලෙට
ඒත්,
අවසාන තීරණය රැගෙන මම
වචනයක් පවසන්න ඔබ සමඟ
ඇවිද ආ විට,
බලා ඉඳල ම හෙම්බත් වෙලා
අහක බලාගෙන ඔබ
ආපිට ගොස් තිබුණි,
ඡායාවකුදු නොතියාම.
කුළුදුල් ආදරය යනු
කුමක්දැයි
තවම
නොදනිමි.
ප.ලි. : හිතට ආපු දෙයක් නිදිමතේ ම ඔහේ ලියලා දැම්මා. අඩුපාඩු තියෙනව නං සමාවෙන්ඩ ඕනෑ.
විඳවන හිතක කතාව
ReplyDeleteඑහෙම තමයි කිචී, මේක ලිවුවෙ මම දැකපු කෙනෙක් ඇසුරු කරගෙන.
Deleteහ්ම්ම්. ලස්සනයි..
ReplyDeleteහම්මෝ! බොහොම ඉස්තුතී හොඳේ . . . මම බයේ හිටියෙ මොනවා කියයිද කියලා.
Delete